විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ ‘Open Day’ අද

ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලය මඟින් පව­ත්වනු ලබන ‘Open Day’ (විවෘත දිනය) අද (12) පෙර­වරු 9.00 සිට ප.ව. 6.00 දක්වා නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යාල ප්‍රධාන මධ්‍ය­ස්ථා­න­යේදී පැවැත්වේ. මේ පිළි­බඳ මාධ්‍ය සාක­ච්ඡා­ව­කට එක් වෙමින් ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය පී.එම්.සී. තිල­ක­රත්න මහතා පැව­සුවේ මේ වන විට විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ පීඨ 6ක් මඟින් සහ­තික පත්‍ර, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි යන මට්ට­ම්ව­ලට අදාළ පාඨ­මාලා 79ක් පැවැ­ත්වෙන බවයි. එම පාඨ­මාලා පිළි­බඳ වැඩි­දුර තොර­තුරු දැන­ගැ­නී­ම­ටත්, සිසුන්ගේ අධ්‍යා­පන කට­යුතු සඳහා විශ්ව­වි­ද්‍යා­ලය මගින් සප­යනු ලබන පහ­සු­කම් පිළි­බඳ දැන­ගැ­නී­ම­ටත් සහ විෂ­ය­යන්ට අදාළ ආචාර්ය මහා­චා­ර්ය­ව­රුන් හමු වී අවශ්‍ය උප­දෙස් ගැනී­ම­ටත් Open Dayහිදී හැකි­යාව ලැබෙනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ දූරස්ථ අඛණ්ඩ අධ්‍යා­පන ක්‍රමය යටතේ ක්‍රියා­ත්මක වන ලංකාවේ එකම ජාතික විශ්ව­වි­ද්‍යා­ලය ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලය වන අතර එමෙන්ම මෙය පොදු රාජ්‍ය මණ්ඩ­ල­යට අයත් විශ්ව­වි­ද්‍යා­ල­යක් බවත් මෙහි සියලු පාඨ­මාලා අභ්‍ය­න්තර පාඨ­මාලා ලෙස පැවැ­ත්වෙන බවත් උප­කු­ල­ප­ති­ව­රයා ප්‍රකාශ කළේය. සියලු පාඨ­මාලා ජාත්‍ය­න්තර මට්ට­මින් පිළි­ගැ­නෙන බවද මේ පාඨ­මාලා හැදෑ­රී­මට නිර­තු­රුව විශ්ව­වි­ද්‍යා­ල­යට පැමි­ණීම අත්‍ය­වශ්‍ය නොවන අතර, රැකි­යා­වක නිරත වන අත­ර­තුර පවා අධ්‍යා­ප­නය ලැබීමේ හැකි­යාව පව­තින බවද පැවසූ ඒ මහතා අධ්‍ය­යන කට­යුතු සඳහා අවශ්‍ය සියලු ඉගෙ­නුම් ආධා­රක මුද්‍රිත ප්‍රකා­ශන ලෙස හා අධ්‍ය­යන කළ­ම­නා­ක­රණ ක්‍රම­වේ­දය ඔස්සේ සිසුන්ට ලබා­ගැ­නී­ම­ටද හැකි­යාව ඇති බවත් ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ ප්‍රාදේ­ශීය මධ්‍ය­ස්ථාන 9ක් හා අධ්‍ය­යන මධ්‍ය­ස්ථාන 19ක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේ­ශ­වල පිහි­ටුවා ඇති බැවින් කොළඹ ප්‍රධාන මධ්‍ය­ස්ථා­න­යට නොපැ­මිණ, තම ආස­න්න­තම මධ්‍ය­ස්ථා­න­යෙන් අධ්‍යා­පන කට­යුතු හැදෑ­රී­මට හැකි බවත් මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා විවෘ­ත­වි­ශ්ව­වි­ද්‍යා­ලයේ අධ්‍යා­ප­නය ලැබී­මට උසස් පෙළ Z අගය හෝ වයස බාධා­වක් නොවන අතර, පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට සාපේ­ක්ෂව ඉතා අවම මුද­ලක් වැය කර මෙහි පාඨ­මාලා හැදෑ­රී­මට අව­ස්ථාව හිමි වේ. වැඩ­ව­ර්ජන, උද්ඝෝ­ෂණ ආදි කවර තත්ත්ව­යක් යටතේ වුවද බාධා­ව­කින් තොරව සිය අධ්‍යා­පන කට­යුතු සිදු කළ හැකි වීමද විශේ­ෂ­ත්ව­යකි. එබැ­වින් විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ Open Day (විවෘත දිනය) හා සම්බන්ධ වෙමින් ඔබගේ අනා­ගත අධ්‍යා­පන සිහින සැබෑ කර­ගැ­නී­මට හැකි අතර උසස් අධ්‍යා­ප­නය ලැබී­මට අපේක්ෂා කරන සිසු සිසු­වි­යන් සහ ඔවුන්ගේ මවු­පි­යන් ඇතුළු ඕනෑම අය­කුට මේ සඳහා සහ­භාගි විය හැකිය.