විදුලි අර්බු­ද­ය විසඳන්න බංග්ලා­දේ­ශය ජාත්‍ය­න්ත­ර­යෙන් ඩොලර් බිලි­යන තුනක් ඉල්ලයි

බංග්ලා­දේ­ශයේ උද්ගත වී ඇති විදුලි අර්බු­දය විස­ඳී­මට බංග්ලා­දේ­ශයේ අන්ත­ර්වාර රජය ලෝක බැංකු­වෙන් සහ ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3ක ණය මුද­ලක් ඉල්ලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. බල­ශක්ති හා විදු­ලි­බල ප්‍රති­සං­ස්ක­ර­ණය කට­යුතු සඳහා පසු­ගි­යදා එරට මුදල් අමා­ත්‍යාං­ශය ඩොලර් බිලි­ය­න­යක ණය මුද­ලක් ඉල්ලා ආසි­යානු සංව­ර්ධන බැංකු­වට සහ ලෝක බැංකු­වට ලිපි යොමු කර ඇතැයි වාර්තා වේ.

මීට අම­ත­රව ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් ඩොලර් බිලි­ය­න­යක තවත් ණය මුද­ලක් අපේ­ක්ෂා­වෙන් පසු­ගි­යදා අන්ත­ර්වාර රජයේ නිල­ධා­රීන් බැංකු නියෝ­ජි­ත­යන් සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි ද වාර්තා වේ.