අපේ තරු­ණ­යන් 2,252කට ඊශ්‍රා­ය­ලයේ කෘෂි රැකියා වරම්

ශ්‍රී ලාංකික තරු­ණ­යන් 2,252 දෙනකු සඳහා ඊශ්‍රා­ය­ලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමි වී තිබේ. ඊශ්‍රා­යල හා ශ්‍රී ලංකා රජ­යන් අතර ඇති කර­ගත් අව­බෝ­ධතා ගිවි­සුම අනුව ශ්‍රී ලාංකික තරු­ණ­යන්ට මේ රැකියා අවස්ථා හිමි වේ.

මේ අතර, අද (12) සහ ලබන බදාදා (18) ඊශ්‍රා­ය­ලය බලා යෑමට නිය­මිත තරු­ණ­යන් 69 දෙනකු වෙත ගුවන් ටිකට් පත් පිරි­නැ­මීම  පසු­ගි­යදා (9) විදේශ සේවා නියුක්ති කාර්යාං­ශ­යේදී සිදු විය.

ඊශ්‍රා­ය­ලය සමඟ ඇති කර­ගත් ගිවි­සුම අනුව වසර 5යි මාස 5ක කාල­යක් එරට රැකි­යා­වල නිරත වීමට අව­සර හිමි වේ. ඊශ්‍රා­ය­ලයේ රැකියා සඳහා ශ්‍රී ලංකා රජය වෙනු­වෙන් කාර්යාං­ශය විසින් පුද්ග­ල­යන් යොමු කරනු ලබන අතර, රැකි­යා­ලා­භීන් තෝරා­ගනු ලබන්නේ ලොත­රැයි ක්‍රම­වේ­ද­යට ඊශ්‍රා­ය­ලයේ ෆීබා ආය­ත­නය විසින් පමණි. එලෙස තෝරා­ගනු ලබන පුද්ග­ල­යන්ගේ ඉදිරි කට­යුතු කාර්යාං­ශය විසින් සිදු කර ඊශ්‍රා­ය­ලයේ රැකියා සඳහා පිටත් කරනු ලබයි. රජ­යන් දෙක අතර පවත්නා අව­බෝ­ධතා ගිවි­සුම අනුව පම­ණක්ම මේ රැකියා අව­ස්ථාව හිමි වන බැවින් මේ රැකියා සඳහා ශ්‍රමි­ක­යන් බඳ­වා­ගැ­නී­මට වෙනත් කිසිදු පුද්ග­ල­යෙ­කුට අව­සර දී නැත. එබැ­වින් ඊශ්‍රා­ය­ලයේ කෘෂි රැකියා ලබා­ගැ­නීම සඳහා වෙනත් කිසිදු බාහිර පාර්ශ්ව­ය­කට මුදල් දීමෙන් වළ­කින මෙන් කාර්යාං­ශය මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලා සිටී.