සිරකරු දිනය නිමිත්තෙන් අද (12) සිරකරුවන් 359 දෙනකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වී ඇත. මේ අතරින් සිව්දෙනකු කාන්තාවන්ය. ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන් හට මෙම නිදහස පිරිනැමේ.
ඒ අනුව බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිරකරුවන් ගත කරන ලද වසරකට සති 01ක සමාවක් සහ දඩ මුදල් නොගෙවීම නිසා සිරදඬුවම් විඳින කාලය අහෝසි කිරීම යටතේ මෙම සිරකරුවන් නිදහස ලබයි.
මේ යටතේ වැඩිම සිරකරුවන් පිරිසක් අද (12) නිදහස ලබා පිටව යන්නේ වැලිකඩ බන්ධනාගාරයෙනි. සංඛ්‍යාව 46කි. මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 32ක් ද කළුතර බන්ධනාගාරයෙන් සිරකරුවන් 30ක් ද අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් 29ක් ද වාරියපොළ බන්ධනාගාරයෙන් සිරකරුවන් 26ක් ද වශයෙන් බන්ධනාගාර 29කින් මෙම සිරකරුවන් අද (12) නිදහස ලබා පිටව යයි.
නිදහස ලබන මේ සිරකරුවන් ප්‍රමාණය නම් කිරීම අද (12) අවසන් අවසන් වන තෙක්ම වලංගු අතර අද දිනයේද අධිකරණ මඟින් බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරෙන ඇතැම් සිරකරුවන් ද ඉහත කාණ්ඩ යටතේ සිරකරු දින නිදහස කිරීම සඳහා නිර්දේශ කෙරෙනු ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා කියයි. එබැවින් නිදහස ලබන සිරකරුවන් පිරිස හෙට (13) වන විට මෙයට වඩා ඉහළ යා හැකි බව ද දිසානායක මහතා අවධාරණය කරයි.