ඉල්ලීම් රැසක් මුල් කරමින් විරෝධතාවක නිරතව සිටින ඇඟලුම් සේවක පිරිසක් මධ්‍යම බංග්ලාදේශයේ ගාසිපූර් නුවර පිහිටි ඇඟලුම් ආයතනයක ගබඩාවට ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විරෝධතාවේ නිරතව සිටි ඇඟලුම් සේවක පිරිසක් ඊයේ දහවල් 1.00ට පමණ ගබඩාවට ගිනි තබා ඇතැයි ගාසිපූර් නුවර පොලිසිය ප්‍රකාශ කර තිබේ.
ඇඟලුම් ආයතන ගබඩාවේ ගින්න නිවීම සඳහා ගාසිපූර් ගිනි නිවන ඒකකයේ කණ්ඩායම් දෙකක් එම ස්ථානයට පැමිණි බවත්, කුපිත වී සිටි විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ආපසු හැරී ගිය බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.