දෙමළ සන්ධානයේ තීරණය 15 වැනිදා

මෙවර ජනාධිපතිවරණයේ දී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහය කවර අපේක්ෂකයෙකුට ලබා දෙන්නේ ද යන අවසන් තීරණය 15 වැනිදා ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා

එම පක්ෂයේ කිළිනොච්චි ශාඛාවේ නියෝජිතයින් පිරිසක් දෙමළ පොදු අපේක්ෂකයාට සහය ලබා දීමට තීරණය කිරීමත් සමඟ පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වයක් හට ගෙන ඇති බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා