ගිනස් පොතට ගිය යාප­නයේ සිසු­වි­යට ජන­ප­ති­ගෙන් විශේෂ ශිෂ්‍ය­ත්ව­යක්

අඩුම කාල පරා­ස­යක් තුළදී මෙව­ලම් සකස් කිරීම සම්බ­න්ධ­යෙන් පසු­ගි­යදා ගිනස් වාර්තා­වක් තැබූ යාප­නයේ මාතාංගී කන­ක­සු­න්ද­රම් ශිෂ්‍යා­වට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් ශිෂ්‍ය­ත්ව­යක් පිරි­න­මනු ලැබ තිබේ.

ජනා­ධි­ප­ති­ව­රයා යාප­න­යට පැමිණි අව­ස්ථාවේ මේ ශිෂ්‍යාව ජනා­ධි­ප­ති­ව­ර­යාට දුර­ක­තන ඇම­තු­මක් දී තමා තැබූ ගිනස් වාර්තාව ගැන තොර­තුරු සඳ­හන් කොට, ජනා­ධි­ප­ති­ව­රයා මුණ­ගැ­සී­මට අව­ස්ථා­වක් ඉල්ලා ඇත. මේ ඉල්ලී­මට ඉඩ සලසා දුන් ජනා­ධි­ප­ති­ව­රයා එහිදී එම ශිෂ්‍යා­වට ශිෂ්‍ය­ත්ව­යක් පිරි­නමා තිබේ. එහිදී මේ සිසු­විය ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලා ඇත්තේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යා­වන්ට පරි­ග­ණක අධ්‍යා­ප­නය හා තොර­තුරු තාක්ෂණ විෂ­යය මීට වඩා පුළුල්ව හැදෑ­රී­මට අව­ස්ථා­වක් පාසල් අධ්‍යා­ප­නය ඇසු­රෙන් සැල­සී­මට පිය­වර ගන්නා ලෙසයි. මේ ඉල්ලී­ම­ටද ජන­ධි­ප­ත්ව­රයා එකඟ වී ඇත. යාප­නයේ පාසල් සිසු­වි­යක ඉතා අඩු වය­ස­කින් ගිනස් වාර්තා­වක් තැබීම සම්බ­න්ධ­යෙන් ඇයට ප්‍රශංසා කළ ජනා­ධි­ප­ති­ව­රයා ඇයට පිරි­නමා ඇත්තේ ජනා­ධි­පති විශේෂ ශිෂ්‍ය­ත්ව­යකි.