සිර­ක­රුවෝ 359කට අද ජන­පති සමාව

සිර­කරු දිනය නිමි­ත්තෙන් අද (12) සිර­ක­රු­වන් 359 දෙන­කුට ජනා­ධි­පති විශේෂ රාජ්‍ය සමාව හිමි වී ඇත. මේ අත­රින් සිව්දෙ­නකු කාන්තා­වන්ය. ජනා­ධි­ප­ති­තුමා හට ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 34 වැනි වග­න්ති­යෙන් පැවරී ඇති බල­තල අනුව සිර­ක­රු­වන් හට මෙම නිද­හස පිරි­නැමේ.

ඒ අනුව බන්ධ­නා­ගා­ර­ග­තව සිර­ද­ඬු­වම් විඳි­මින් සිර­ක­රු­වන් ගත කරන ලද වස­ර­කට සති 01ක සමා­වක් සහ දඩ මුදල් නොගෙ­වීම නිසා සිර­ද­ඬු­වම් විඳින කාලය අහෝසි කිරීම යටතේ මෙම සිර­ක­රු­වන් නිද­හස ලබයි.

මේ යටතේ වැඩිම සිර­ක­රු­වන් පිරි­සක් අද (12) නිද­හස ලබා පිටව යන්නේ වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යෙනි. සංඛ්‍යාව 46කි. මහර බන්ධ­නා­ගා­ර­යෙන් සිර­ක­රු­වන් 32ක් ද කළු­තර බන්ධ­නා­ගා­ර­යෙන් සිර­ක­රු­වන් 30ක් ද අනු­රා­ධ­පුර බන්ධ­නා­ගා­ර­යෙන් සිර­ක­රු­වන් 29ක් ද වාරි­ය­පොළ බන්ධ­නා­ගා­ර­යෙන් සිර­ක­රු­වන් 26ක් ද වශ­යෙන් බන්ධ­නා­ගාර 29කින් මෙම සිර­ක­රු­වන් අද (12) නිද­හස ලබා පිටව යයි.

නිද­හස ලබන මේ සිර­ක­රු­වන් ප්‍රමා­ණය නම් කිරීම අද (12) අව­සන් අව­සන් වන තෙක්ම වලංගු අතර අද දින­යේද අධි­ක­රණ මඟින් බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කෙරෙන ඇතැම් සිර­ක­රු­වන් ද ඉහත කාණ්ඩ යටතේ සිර­කරු දින නිද­හස කිරීම සඳහා නිර්දේශ කෙරෙනු ඇතැයි බන්ධ­නා­ගාර කොම­සා­රිස් (මාධ්‍ය ප්‍රකා­ශක) ගාමිණී බී. දිසා­නා­යක මහතා කියයි. එබැ­වින් නිද­හස ලබන සිර­ක­රු­වන් පිරිස හෙට (13) වන විට මෙයට වඩා ඉහළ යා හැකි බව ද දිසා­නා­යක මහතා අව­ධා­ර­ණය කරයි.