තැපැල් ඡන්දය දාන්න අදත් අවස්ථාව

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට රාජ්‍ය සේවකයින්ට අදත් (12) අවස්ථාව හිමි වනවා

ඒ අනුව පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ (11) සහ අද ඡන්දය සලකුණු කිරීමට තවත් අතිරේක දින දෙකක් ලබා දීමටයි මැතිවරණ කොමිසම තීරණය කර තිබුණේ

කෙසේ වෙතත් මේ වන තෙක් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනයේ ද තැපැල් ඡන්දය භාවිත කළ හැකි අතර ඔවුන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා