ශ්රී ලාංකික තරුණයන් 2,252 දෙනකු සඳහා ඊශ්රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමි වී තිබේ. ඊශ්රායල හා ශ්රී ලංකා රජයන් අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්රී ලාංකික තරුණයන්ට මේ රැකියා අවස්ථා හිමි වේ.
මේ අතර, අද (12) සහ ලබන බදාදා (18) ඊශ්රායලය බලා යෑමට නියමිත තරුණයන් 69 දෙනකු වෙත ගුවන් ටිකට් පත් පිරිනැමීම පසුගියදා (9) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු විය.
ඊශ්රායලය සමඟ ඇති කරගත් ගිවිසුම අනුව වසර 5යි මාස 5ක කාලයක් එරට රැකියාවල නිරත වීමට අවසර හිමි වේ. ඊශ්රායලයේ රැකියා සඳහා ශ්රී ලංකා රජය වෙනුවෙන් කාර්යාංශය විසින් පුද්ගලයන් යොමු කරනු ලබන අතර, රැකියාලාභීන් තෝරාගනු ලබන්නේ ලොතරැයි ක්රමවේදයට ඊශ්රායලයේ ෆීබා ආයතනය විසින් පමණි. එලෙස තෝරාගනු ලබන පුද්ගලයන්ගේ ඉදිරි කටයුතු කාර්යාංශය විසින් සිදු කර ඊශ්රායලයේ රැකියා සඳහා පිටත් කරනු ලබයි. රජයන් දෙක අතර පවත්නා අවබෝධතා ගිවිසුම අනුව පමණක්ම මේ රැකියා අවස්ථාව හිමි වන බැවින් මේ රැකියා සඳහා ශ්රමිකයන් බඳවාගැනීමට වෙනත් කිසිදු පුද්ගලයෙකුට අවසර දී නැත. එබැවින් ඊශ්රායලයේ කෘෂි රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයකට මුදල් දීමෙන් වළකින මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.