ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරන රට

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍ය භාවිතයේදී ළමුන් සඳහා වයස් සීමාවක් පැනවීම සඳහා වන රජයේ සැලසුම් යටතේ අදාළ තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් අවුරුදු 14ත් 16ත් අතර වයසේ සිසුන් සඳහා මෙම තහනම අදාළ නොවන බව සඳහන්.