රටින් පැනීමට වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නෑ -ඇමති ටිරාන් අලස්

ජනාධිපතිවරණයෙන් පසු විදෙස් ගත වීම සඳහා වීසා ලබා ගැනීමේ කිසිඳු අවශ්‍යතාවයක් තමන්ට නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ලොව ඕනෑම රටක වසර 10 ක කාලයක් ජීවත්වීම සඳහා විශේෂ වීසා බලපත්‍රයක් තමා සතුව පවතින බවයි ආමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ජනාධිපතිවරණයෙන් පසු විදෙස් ගත වීම සඳහා රජයට සම්බන්ධ මැති ඇමතිවරු 80 දෙනෙක් මේ වන විට වීසා ලබාගෙන ඇති බවට විපක්ෂය චෝදනා කළද එය අසත්‍ය පුවතක් බව වැඩිදුර අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.