එදා මගේ පවුලට එරෙහිව කළ විමර්ශනවලට සිනහා යනවා -නාමල් රාජපක්ෂ

අසත්‍ය චෝදනා එල්ල කරමින් තමා සහ තම පවුලේ සාමජිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යහපාලන ආණ්ඩුව වියදම් කළේ ද මේ රටේ මහජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

එදා තම පවුලට එරෙහිව ක්‍රියාත්මක කළ විමර්ශන දෙස බලනවිට සිනහ යන බව පවසන ඒ මහතා එදා එවැනි ක්‍රියාමාර්ග ගත් නායකයෝ ද අද රට පාලනය කරන්නේ කියා සිතෙන බවයි සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මාතලේ නාවුල නගරයේ දී පැවැති ජනහමුවට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියා.