ඌව පළාත් නව ආණ්ඩුකාර අනුර විදානගමගේ වැඩ භාර ගනී

ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා වැඩ භාර ගනිමින්. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මියද ඡායාරූපයේ සිටී. – ජායාරූපය – සොරණාතොට සමූහ

ඌව පළාත් නව ආණ්ඩුකාරවර අනුර විදානගමගේ මහතා ඊයේ (10) පෙරවරුවේ ඌව පළාත් සභාවේ ආණ්ඩුකාරවර කාර්යාලයේදී වැඩ භාරගත්තේය.

මේ අවස්ථාවට වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය ඇතුළු ඌව පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්,නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

හිටපු ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.ඇම්. මුසම්මිල් මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට යෑමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුර විදානගමගේ මහතා පත් කර තිබේ.