රට භාර ගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි -ඇමති ප්‍රසන්න රණතුංග

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත් වී සිටියද 2022 අර්බුදයේ මේ රටේ නායකත්වය භා ගැනීමට ඉදිරිපත් වූයේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ මහතා අවධාරණය කරන්නේ ජනාධිපතවරයා එදා ඒ අභියෝගය භාර ගත් නිසා රට ගැන සිතන සියලු දෙනා ඔහු ජයග්‍රහණය කරවීමට එකට එකතු වී ඇති බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ අද (10) බත්තරමුල්ල, තලවතුගොඩ පොදුජන එක්සත් නිදහස් පෙරමුණේ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.