පාසල් සිසුන්ගේ සීසන් ටිකට් සහනාධාරය ගැන අලුත් තීරණයක් ඉදිරි කැබිනට්ටුවේදී

පාසල් සිසුන්ගේ සීසන් ටිකට් සහනාධාරය පිළිබඳ නවතම යෝජනා ඇතුළත් කරමින් සහනාධාරය වෙනස් විය යුතු ආකාරය පිළිබඳ ඉදිරි කැබිනට් මණ්ඩලයට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා බලාපොරොත්තු වන බව ‘දිනමිණ‘ට පැවැසීය.

මීට මාස හයකට පමණ පෙරාතුව පාසල් සිසුන්ගේ සීසන් ටිකට් සහනාධාරය ලබාදීමේ ක්‍රමවේදය වෙනස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අදාළව මුදල් අමාත්‍යාංශය මඟින් ඒ සඳහා කමිටුවක් පත් කර කමිටු නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම කමිටුව විසින් එය අධ්‍යයනය කර ලබා දෙන ලද නිර්දේශ ඇතුළත් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි. ඒ සඳහා වෙනත් යෝජනා ද ඇතුළත් කරමින් නව කැබිනට් පත්‍රිකාවක් ලබන කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.