මහනුවර සජබ රැලියේ රතිඤ්ඤා පත්තු වී 6 දෙනෙකු රෝහලේ

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර සිදුකළ රතිඤ්ඤා පත්තු කිරීමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රචාරක රැලිය ආරම්භ කිරීමත් සමග අදාළ ස්ථානයේ රතිඤ්ඤා පත්තු කර ඇති අතර එහිදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.