Audio Book ලෙස ජනගත කෙරුණු සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය

ආර්ථිකමය වශයෙන් බිඳ වැටුණු රටක නැවත නැගී සිටින්නට අත්‍යවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ වැඩපිළිවෙළ ජනගත කිරීම සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා.

මේ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ මූලිකත්වයද ලැබී ඇති බව සඳහන්.

ශ්‍රී ලාංකික විද්වතුන්, වෘත්තිකයන්, වෘත්තීයවේදීන් හා ව්‍යවසායකයන්ගේ එකමුතුව “The Vanguard – ඉදිරිපෙළ” සංවිධානය මගින් මෙම අවස්ථාව සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ශ්‍රී ලංකාවෙ ප්‍රථම වරට ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් Audio Book ආකාරයෙන් ජනගත කිරීම සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවී තිබෙනවා.

ඒ අතර ණය බරින් මිදී රාජ්‍ය ආදායම වැඩි කර ගන්නා ක්‍රියාවලිය; පොදු ඩිජිටල් යටිතල පහසුකම් වැඩපිළිවෙළ ජන ගත කිරීමද මෙම අවස්ථාව තුළදී සිදුව ඇති බව සඳහන්.