හම්බන්තොට පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සහායත් රනිල්ට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර සභා සහ ප්‍රාදේශිය සභා 12 තුළ සිටින සභාපතිවරු 09ක් හා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් 80% ක් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එකඟතාවය පළකර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්තේ ප්‍රදේශයේ පැවති රැස්වීමකදී එම පිරිස තම සහයෝගය පළකරමින් කටයුතු කිරීමට එකඟත්වය පළ කළ බව සඳහන්.

මෙම පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සිටින බවයි වාර්තා වන්නේ.