වසන්ත සමරසිංහට එරෙහිව මනූෂගෙන් එන්තරවාසියක්

ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව, කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් නීතිමය පියවර ගෙන තිබෙනවා.

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නීතිමය පියවර ලෙස එන්තරවාසියක් යොමුකර ඇති බව සඳහන්.

ඊශ්‍රායල් සහ කොරියානු රැකියා ලබාදීම සදහා අත්සන් යෙදීමට මුදල් ලබාගන්නා බවට වසන්ත සමරසිංහ මහතා කර තිබෙන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ බවද හිටපු අමාත්‍යවරයා එම එන්තරවාසියේ සදහන් කර තිබෙනවා.

මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශය භාරව කටයුතු කළ කාලයේදී විශාල පිරිසක් විදේශ රැකියා සදහා පිටත් කර යවා තිබෙන බවද, එසේ විශාල පිරිසක් විදේශ රැකියා සදහා යොමු කිරීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර වෛරය ඇති කිරීම සදහා මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙන බවයි එම එන්තරවාසියේ සදහන් කර තිබෙන්නේ.

මෙහිදී අසත්‍ය ප්‍රකාශ කරමින් අපකීර්තියට ලක් කිරීම සමබන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා ඇති අතර එම වන්දි මුදල දින 14ක් ඇතුළත ලබාදීමට කටයුතු නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා වන්දි මුදල සහ නඩු ගාස්තු අය කරගැනීමට කටයතු කරන බවද වසන්ත සමරසිංහ මහතා වෙත යොමු කළ එන්තරවාසියේ සඳහන්.