රේගුව තැබූ ඉහළම වාර්තාව

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති රුපියල් ට්‍රිලියන 1.5 ආදායම් ඉලක්කය සපුරාලීමට හැකි වන බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා සඳහන් කර සිටියේ.