ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන ‘රනිල්ව කියවන්න’ නම් වූ ප්රචාරක වැඩසටහන අද (07) පෙ.ව. 8.00ට දීප ව්‍යාප්තව ආරම්භ කෙරේ.
පළාත් 9ක්, ආසන 160ක්, පළාත් ආයතන 341ක්, කොට්ඨාස 4984ක්, වසම් 14026ක් සහ ගම් වීදි 53896ක් ආවරණය කරමින් සිදු කෙරෙන මෙම වැඩසටහනේ අපේක්ෂිත අරමුණ වන්නේ රනිල් වික්‍රමසිංහ නම් චරිතය දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් කියවා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීමයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්රකාශනයේ හරය ඇතුළත් පත්‍රිකා බෙදා හැරීම සහ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මේ යටතේ සංවිධාන කෙරේ.
නැවත පෝලිම් යුගයකට මුහුණ දීමට සිදු නොවන ආර්ථික ස්ථාවරත්වයක් ඇති රටක සුබවාදී හෙටක් වෙනුවෙන් ජනතාවගේ අපේක්ෂා හා බලාපොරොත්තු එක්රැස් කරමින් පැවැත්වෙන මේ වැඩසටහනට ඕනෑම අයෙකුට එක් විය හැකි බව සංවිධායකවරු පවසති.