මැතිවරණ පැමිණිලි 2600 ඉක්මවයි

මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 2644 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (06) පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 184ක් ලැබුණු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාවෙන් 2571ක් ලැබී තිබෙනවා

මිට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව 11ක් සහ වෙනත් පැමිණිලි 62ක් වාර්තා වී ඇති බවයි කොමිසම පැවසුවේ