ප්‍රධාන මෙහෙයුමකින් පසු ඊශ්‍රායල හමුදා ජෙනින් නගරයෙන් ඉවත්වෙයි

ඊශ්‍රායල හමුදා දින නවයක ප්‍රධාන මෙහෙයුමකින් පසු බටහිර ඉවුරේ ජෙනින් නගරයෙන් සහ එහි සරණාගත කඳවුරෙන් ඉවත් වී තිබෙනවා.

සටන්කාමීන්ගේ බලකොටුවක් සහ 60,000 ක පමණ සිවිල් ජනගහනයක් සහිත මෙම නගරය වසර ගණනාවක් පුරා ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ විශාලතම ක්‍රියාවලියකින් ඉලක්ක වූ බව සඳහන්.