ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කරනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීමට රජය කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (07) පෙරවරුවේ පැවති ලංකා අපෝස්තලික රදගුරු නිකායේ පදවි පිරිනැමීමේ සහ උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා

මෙහිදී රට හමුවේ ඇති වත්මන් අභියෝගවලට මුහුණදීමේදී ආධ්‍යාත්මික මඟපෙන්විම සහතික කිරීම වෙනුවෙන් සියලු ආගම් අතර අඛණ්ඩ සහයෝගිතාවයක අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දුන්නා

එමෙන්ම වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් තමා මැතිවරණ කටයුතු නොකරන බවත්, සෑමවිටම ආගම පාලනයෙන් වෙන්ව තබා ගනිමින් සියලු ආගමිකයන්ට සම අවස්ථා ලබාදීම තම අරමුණ බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා