ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් නිවේදනයක්

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 65 දක්වා සහ මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 55 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් පසුවන ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.