ජනපතිගේ ජය තහවුරු කරන්න දිවුලපිටියට මැතිවරණ කාර්යාලයක්

ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දිවුලපිටිය ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය දිවුලපිටිය නගරයේ දී විවෘත කරනු ලැබීය. නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා, දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක කිත්සිරි මංචනායක, දිවුලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක චන්දන ජයකොඩි, හිටපු පළාත් සභා මන්ත්‍රී චන්ද්‍රිකා සකලසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. පක්ෂ, පාඨ භේදයකින් තොරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සදහා කැප වී ක්‍රියාකරන බව සර්ව පක්ෂ නියෝජනය කරන සාමාජිකයෝ මෙහි දී සපථ කරනු ලැබූහ.