ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට පොහොට්ටුව ඇප බඳියි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරඟ කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද (06) ගාල්ල දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයට පැමිණ අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැන්පත් කරනු ලැබුවා

එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පළමුව පැමිණ ඇප තැන්පත් කරනු ලැබුවේ සිය පක්ෂය මැතිවරණවලට බිය නොමැති නිසා බවයි

පසුගිය 26 වැනිදා ඒ සඳහා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද මීට පෙර කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ

ඒ අනුව, ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් 11 දින මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට නියමිතයි.