ඉතාලියේ මොන්ෆල්කෝන් නගරයේ නගරාධිපති විසින් එම නගරයේ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කොට තිබෙනවා.
30,000 කට වැඩි ජනගහනයකින් යුතු එම නගරයේ තුනෙන් එකක් පමණ සිටින්නේ විදේශිකයන්.
ඔවුන්ගෙන් විශාල ප්‍රමාණයක් 1990 වසර අග භාගයේදී යාත්‍රා-නැව් තැනීමට පැමිණීමට පටන් ගත් බංග්ලාදේශවරුන් බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම තහනම පනවා ඇති බවට හේතු වශයෙන් එම නගරයේ නරගරාධිපතිනි ඇනා මරියා සිසින්ට් පවසන්නේ මොන්ෆල්කෝන්හි පවතින සංස්කෘතික අංගයන් එම නිසා අනතුරට ලක්වන බවයි .
මෙහි පාලනය දක්ෂිණාංශික ලීග් පක්ෂයට දැඩි බලපෑමක් ඇති කරන බව සඳහන්.
එමෙන්ම ඔවුන් සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.