සීදුවේ බෝඩිමක සිටි කතක් ඝාතනය කරයි

සීදූව අමන්දොළුව ප්‍රදේශයේ බෝඩිම් කාමරයක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා

පොලිසිය පැවසුවේ ඊයේ (04) පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කළ බවයි

ඝාතනයට ලක් වූ කාන්තාව පිරිමි පුද්ගලයෙකු සමඟ අදාළ බෝඩිම් කාමරයේ නැවතී සිට ඇති අතර කටුනායක ආයොජක ප්‍රවර්ධන කලාපයේ සේවය කර ඇති බවයි පොලිසිය පැවසුවේ

කෙසේ වෙතත් ඝාතනයෙන් පසු කාන්තව සමඟ නවාතැන්ගෙන සිටි එම පිරිමි පුද්ගලයා පළා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ ගොස් ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේග

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි පලතුරුවැල්ලල සේරන්කඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා