තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අදයි

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු දෙවන දිනටත් අද (05) සිදු කෙරෙනවා

ඒ අනුව අද සහ හෙට (06) යන දෙදින තුළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඊයේ (04) දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පොලිස් නිලධාරීන් සඳහා හෙට (06) දිනයේ ද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි

කෙසේ වෙතත් අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 යන දෙදින තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.