වැඩි වෙන මැතිවරණ පැමිණිලි

2024 ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 2095 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (03) පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 154ක් ලැබුණු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාවෙන් 2023ක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙනුයි.

ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව 11ක් සහ වෙනත් පැමිණිලි 61ක් ලෙස මැතිවරණ කොමිසම වෙත ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි ලැබී තිබෙනවා.