මෙවර මම මධ්‍යස්ථයි – සහාය කාටවත් නෑ -හිටපු ජනපතිනී චන්ද්‍රිකා

එළඹෙන ජනාධිපතිවරණයේදී තමන් කිසිඳු පක්ෂයකට හෝ නායකයෙකුට සහාය නොදක්වන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපතිනිනිය සඳහන් කර සිටින්නේ තමන් මෙම අවස්ථාවේ දී මධ්‍යස්ථව සිටීමට තීරණය ඇති බවයි.

තවද විවිධ වූ අපේක්ෂකයින් හට තමා විසින් සහය පළ කරන බවට ඇතැම් මාධ්‍ය විසින් පළ කර ඇති වාර්තා පිළිබඳ අවධානය යොමු කළ බවද එම නිවේදනයේ සඳහන්.