පෙම්වතා විසින් ඝාතනය කෙරූ ඔලිම්පික් තරුව

ඔලිම්පික් ක්‍රීඩිකාවක් වන Rebecca Cheptege ඇයගේ හිටපු පෙම්වතා විසින් ඝාතනය කර තිබෙනවා.

ඇයගේ සිරුරට පෙට්‍රල් දමා පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටියදී දින දෙකකට පසුව මෙම මරණය සිදුව ඇති බව සඳහන්.

පසුගියදා පැවති පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වූ 33 හැවිරිදි උගන්ඩා ජාතික Rebecca Cheptege ප්‍රහාරයෙන් පසු දැඩි පිළිස්සුම් තුවාල ලබා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇය ජීවත් වූ සහ පුහුණුව ලැබූ වයඹදිග කෙන්යාවේ බලධාරීන් පැවසුවේ ඇයගේ දියණියන් දෙදෙනා සමඟ පල්ලියේ සිට නිවසට පැමිණීමෙන් පසු හිටපු පෙම්වතා විසින් මෙම ප්‍රහාරය සඳහා ඇයව ඉලක්ක කරගෙන ඇති බවයි.