සමිත දුලාන් තැබූ ලෝක වාර්තාව

මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නියෝජනය කළ සමිත දුලාන් රිදී පදක්කමක් සමගින් ලෝක වාර්තාවක් තැබීමට සමත් වුණා.

ඒ, F 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 67.03ක දක්ෂතාවක් වාර්තා කරමින්.

එහිදී රිදී පදක්කමක් දිනාගත් සමිත දුලාන් F 44 කාණ්ඩයේ ඔහු විසින් තබා තිබූ ලෝක වාර්තාවද යළි අලුත් කිරීමට සමත් වුණා.

මෙම තරගයේ දී ඉන්දියාව රන් පදක්කම හිමිකර ගත් අතර ඔස්ට්‍රේලියාව ලෝකඩ පදක්කම හිමිකර ගත්තා.

සමිත දුලාන් මීට පෙර 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී එෆ් 44 කාණ්ඩයෙන් හෙල්ල විසි කිරීමේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වුණා.