ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් නැහැ

මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිඳු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසනවා.

දැනට එම සමාගම විසින් කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 3,680ක මිලකටයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,477ක් වනවා.