ලංකා බිස්නස් කවයේ ව්‍යාපාරිකයින්ට අලුත් සහතිකයක්

ලංකා බිස්නස් කවය (LANKA BUSINESS RING) ​සහ International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute – Sri lanka අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ.

මහනුවර LANKA BUSINESS RING ප්‍රධාන කාර්යාලයේදී එම කටයුත්ත පසුගියදා සිදු විය.

International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute – Sri lanka ආයතනය පිරිනමන Certificate of Business Excellence සහතිකය එහි සාමාජිකයන් වෙත පිරිනැමීම වැඩසටහනේ අරමුණවේ.

ව්‍යපාරික ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනෙකු හට ව්‍යපාරයට ලියාපදිංචි සහතිකයක් හිමිවුවත් ව්‍යපාරිකයා එම ක්ෂේත්‍රයේ නියුතු දක්ෂයෙකු බව සදහන් ලියවිල්ලක් බොහෝ ව්‍යපාරිකයන්ට අහිමිය. මෙම ගිවිසුම මගින් International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute – Sri lanka ආයතනය පිරිනමන Certificate of Business Excellence සහතිකය LANKA BUSINESS RING සංවිධානයේ සියලු ව්‍යපාරික සාමාජිකයන් වෙත පිරිනැමිමට නියමිතය.

සාමාජික සහතික පත්‍රය පාස්පොට්,විසා සහ නව ව්‍යපාර ආරම්භ කිරිම,බැංකු කටයුතු සහ දෙස් විදෙස් ව්‍යපාරික කටයුතුවලදි වැදගත්වනු ඇත.

සාමාජිකයන් වෙත සහතික පත්‍රය පිරිනැමීම මහනුවරදී උත්සවාකාරයෙන් සිදු කිරිමට නියමිතය.

මේ අවස්ථාවට LANKA BUSINESS RING ආයතනය නියෝජනය කරමින් එහි සභාපති ප්‍රසිද්ධ ව්‍යපාරික පසන් චන්ද්‍රසේකර මහතා සහ International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute – Sri lanka ආයතනයේ අධ්‍යක්ෂ ආර් බි ජි මැණික්දිවෙල මහතා සහ ඉසුරු ජෙම්ස් අධිපති ඉසුරු චන්ද්‍රතිලක මහතා ඇතුලු පිරිසක් ඒක්ව සිටියහ.