රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා වැඩි කරන නිර්දේශ ඇතුළත් වාර්තාව ජනපතිට

ලබන ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙනවා

එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසිනුයි ජනාධිපති කාර්යාලයේ දී එය ජනාධිපතිවරයා වෙත භාර දී ඇත්තේ.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින එකඟතා ගිවිසුමෙහි ඇතුළත් කොන්දේසිවලට අනුකූලව මෙන්ම ඒ සඳහා අවශ්‍ය කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම පිළිබඳ මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත මෙම වාර්තාව සකස් කර තිබෙනවා.

රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ විශේෂඥ කමිටුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විතව පසුගිය ජූනි 12 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කෙරෙැණා.

මාස 03ක් ඇතුළත අදාළ අවසන් වාර්තාව ලබාදීමට කමිටුවට නියම කෙරුණු අතර කරුණු 18ක් යටතේ රාජ්‍ය සේවයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සහ වැටුප් වර්ධක වැඩි කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය අදාළ වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙනවා

මෙහි දී අදහස් දැක්වූ කමිටු සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා පැවසුවේ
සමස්ථ රාජ්‍ය සේවයේ සියලුම ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථාල විශ්වවිද්‍යාල ඇතුළු සියලුම රාජ්‍ය තන්ත්‍රීය අංශ ආවරණය වන ලෙස සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සකස් කළ බවයි