ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි තිලකරත්ත අභාවප්‍රාප්ත වෙයි

සති අග අරුණ පුවත් පතේ උප කර්තෘ ප්‍රවීණ පුවත් පත් කලාවේ දී උපාලි තිලකරත්ත මහතා පෙරේදා (2) අභාවප්‍රාප්ත විය. කුරුණැගල මලියදේව විද්‍යාලයේ ආදී සිසුවකු වූ ඒ මහතා දිවයින පුවත් පතෙන් පුවත් පත් කලාව ආරම්භ කළේ අනූව දශකයේ මුලය. අනූ හතරේ දී ලක්බිම ඉරිදා සංග්‍රහය ආරම්භ කළ අවස්ථාවේ දී, ආරම්භක කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙස එක් වූ ඔහු පුවත් පත් කලාවේ සියලු කේෂ්ත්‍රවල දස්කම් පෑ පුවත් පත් කලාවේදියෙකි. ලක්බිම ඉරිදා සංග්‍රහයේ ක්‍රීඩා කර්තෘ ලෙසද සේවය කළ ඔහු පසුව ප්‍රධාන උප කර්තෘ ධුරයට ද පත් විය.

මියයන විට හැට දෙහැවිරිදි වියේ පසු වූ ඔහු දෙදරු පියකි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ හර්ෂා අංගප්පුලිගේ ස්වාමි පුරුෂයා වූ එ් මහතා හාඩ් ටොක් පුද්ගලික සමාගමේ රසිත ජයවීර කොළඹ කොටුව, ස්ටුවර්ට් බයි සිට්‍රස්හි සදේව ජයවීරගේ පියාණන්ය. ඒ මහතාගේ දේහය වේයන්ගොඩ, පාරමුල්ලේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු අද (4)සවස 6.30ට නිට්ටඹුව මල්වත්ත පොදු සුසාන භුමියේ දී සිදු කෙරේ.