නිරුවතින් පැමිණෙන සොරෙකු නිසා කහවත්තේ ගමක් බිය වෙයි

කහවත්ත   පොලිස් බල ප්‍රදේශයේ වැල්ලදුර සහ  ඇල්ලගේවත්ත ප්‍රදේශයේ නිවාස කිපයකට  පසුගිය දිනවලදි  නිරුවතින්  ඇතුළු වන සොරෙකු නිසා ගම්වාසීන් භීතියට පත් වී සිටින බව වාර්තා  වෙයි.

මෙලෙස නිරුවතින් පැමිණ නිවාස කිහිපයක් බිඳ භාණ්ඩ ද සොරකම් කර මෙම පුද්ගලයා පලා ගොස් තිබෙයි

මෙලෙස පැමිණි එක් නිවෙසක ආරක්ෂක කැමරාවේ සොරා  පිළිබඳ දර්ශන පටිගත වී තිබෙයි.

අළුයම කාලයේ නිවෙසක මුළුතැන් ගෙට ඇතුළු වු මෙම පුද්ගලයා  එහි සිටි තරුණ කාන්තාවක් බියවද්දා ඇතැයි ද ඒ අවස්ථාව දි ඇයගේ දරුවෙකු පැමිණි සොරාට පහර දෙන විට නිවෙස් හිමියාද පැමිණි විට නිරුවතින් සිටි සොරා පළා ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ .

සතියක කාලයක සිට සිදු වෙන මෙම සිදුවිම්  ගැන කහවත්ත පොලිසිය විසින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබේ