දින තුනකදී ගසාහි වයස අවුරුදු 10ට අඩු ළමුන්ගෙන් හතරෙන් එකකට පෝලියෝ එන්නත් කරයි

ගාසා තීරයේ ළමුන් සඳහා පෝලියෝ එන්නත් කිරීමේ ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා

ඒ අනුව තෙවන දිනයේදී ගාසා තීරයේ වයස අවුරුදු 10 ට අඩු ළමුන්ගෙන් හතරෙන් එකක් පමණ එන්නත් කර ඇති බවයි එම සංවිධනය කියා සිටියේ

පසුගිය මාසයේ ගසාහි ළදරුවෙකුගෙන් පළමුව පෝලියෝ රෝගය සොයා ගැනීමෙන් පසු කඩිනමින් පෝලියෝ එන්නත් කිරීම ආරම්භ කෙරුණා

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ වයස අවුරුදු 10ට අඩු ළමුන් 640,000කට පමණ එන්නත් දෙක බැගින් ලබාදීමට සැලසුම් කර ඇති අතර එන්නත් මාත්‍රා මිලියන 1.26 ක් ගාසා වෙත ලබා දී ඇති බවයි