ඩෝසන් කුලුනේ ප්‍රතිසංස්කරණ ඇරඹේ

සංචාරක ප්‍රවර්ධනය උදෙසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලයේ පූර්ණ අනුග්‍රහයෙන් කඩුගන්නාව ඩෝසන් කුලුන ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතී. ඒ පිළිබඳ සොයා බැලීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතාද පසුගියදා (30) දා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ලබන වසර ඉලක්ක කරගනිමින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින අතර, දිරාපත්ව ඇති පියගැට නවීකරණය, දැව කුලුනෙහි වාර්නිෂ් ආලේපය, සුනු හා වෙදර්සීල් තීන්ත ආලේපය, ජල, විදුලි සැපයුම, කුලුන පාමුල හාත්පස භූමි අලංකරණය ආදි අංග රැසක් එයට ඇතුළත්ය. මේ නිරීක්ෂණ අවස්ථාවට මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩී.එම්.බී.ජේ.බී. දිසානායක, පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි අයි.ඩී.එම්. විජේබණ්ඩාර, කලාප භාර නිලධාරිනි රේණුකා දමයන්ති, සංවර්ධන නිලධාරි අජිත් දේශප්‍රිය මහත්ම මහත්මීහුද සහභාගි වූහ.