ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරෙන්තුව මැද පුටින් මොංගෝලියාවට

යුද අර්බුදය අතරතුර යුක්රේන ජාතික දරුවන් නීතිවිරෝධී අයුරින් රටින් පිටුවහල් කිරිමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් එය නොතකා එම අධිකරණයේ සාමාජිකත්වය දරන මෝංගෝලියාවේ සංචාරයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මොංගෝලියාවේ ජනාධිපතිවරයා ඔහු උණුසුම් අයුරින් පිළිගත් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මොස්කව් නුවර ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ එම සංචාරය අතරතුර තමා අත්අඩංගුවට ගනු ඇතැයි ජනාධිපතිවරයා නොසිතන බවය.