විපක්ෂයේ අසුන් ගත් ජගත් කුමාර

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද (03) විපක්ෂයේ අසුන් ගත්තා.

පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුවයි ඔහු විපක්ෂයේ අසුන් ගැනීමට කටයුතු කළේ.

ජගත් කුමාර මහතා පසුගිය මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රී ජගත් කුමාර අද දිනයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගනු ලැබුවා .

ඔහු මෙම තීරණය ප්‍රකාශය කළේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්.

ජගත් කුමාර පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා.

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බව ඔහු පසුගියදා ප්‍රකාශ කළා.