කරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි

කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නේය.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ තලතා අතුකෝරල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීම හේතුවෙනි.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය අගෝස්තු 21 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

කරුණාරත්න පරණවිතාන මහතා 2020 මහමැතිවරණයෙන් සමඟි ජනබල්වේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප 36787 ක් ලබාගනිමින් මනාප ලැයිස්තුවේ සිවැනි ස්ථානයට පත්විය.