හෙට ඇරඹෙන තැපැල් ඡන්දය

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) සිට ආරම්භ වනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

හෙට දිනට අමතරව අදාළ ස්ථානවල ලබන 6 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම 05 සහ 06 යන සින්වලදී සිදු කෙරෙන බව සඳහන්.

කෙසේවෙතත් අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට සැප්තැම්බර් මස 11 සහ 12 යන දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.