රජයේ පාසල්වලට අනුයුක්ත සංවර්ධන නිලධාරි ගැටලුවට විසඳුමක්

රජයේ පාසල්වලට අනුයුක්ත සංවර්ධන නිලධාරි ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා

අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ 2019 වර්ෂයේ දී රජයේ පාසල්වලට පුහුණුවීම සඳහා අනුයුක්ත කළ උපාධිධාරි සංවර්ධන නිලධාරීන් 23,000ක පිරිසකගෙන් 7,000ක් පමණ දැනටමත් පළාත් මට්ටමින් ගුරු සේවයට බඳවා ගෙන ඇති බවත් ඉතිරි 16,000ක් පමණ වන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු නිසා ප්‍රමාද වූ බවයි

මෙම ප්‍රශ්නය කඩිනමින් විසඳීම සඳහා පාර්ශව සමඟ එකඟතාවක් ඇති කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදුව රාජ්‍ය සේවා කොමිසමේ නිරීක්ෂණ සැලකිල්ලට ගෙන එම නිරීක්ෂණ සතියක් තුළ නැවත සලකා බැලීමට දන්වා යැවීමටත් තීරණය වු අතර ජනාධිපතිතුමා විසින් මෙම ගැටලුව විසඳන බවටත් දැනුම් දී තිබෙනවා