මාතර ඉඩම් රජයට පවරා ගන්නා බවට ගෙන යන ප්‍රචාර බොරු – මහින්ද අමරවීර

මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉඩම් රජයට පවරා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් රජයට නොමැති බවත් මේ සම්බන්ධව ඇතැම් පිරිස් සිදු කරන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද (03) පාර්ලිමේන්තුවේදී පැන නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම, රජය ලක්ෂ 20 කට ඉඩම් හා ඔප්පු ලබා දීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කරමින් රජය සතු ඉඩම් ද ජනතාවට ලබාදීමට කටයුතු කරන අවස්ථාවක ආණ්ඩුවට ඉඩම් ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ