බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් ආනයනයට අනුමැතිය

කුඩා දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙයි.

ඒ අනුව, බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 6,000ක්, සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 3,000ක් වශයෙන් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගම් 2ක් වෙත ප්‍රධානය කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙයි.