ජනාධිපතිවරණ පැමිණිලි 1,800 ක්

2024 ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,873 ක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබේ.

ඒ පසුගිය ජූලි 31 වෙනිදා සිට ඊයේ(02) දක්වා කාල සීමාව තුළදී ය.

ඒ අතර, මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධ පැමිණිලි 1,802 ක් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 11 ක් වේ.